ආදරය කරන විදි ගොඩක් තියෙනවා. සමහර ආදරය කරන තරුණ තරුණියො හැමදෙම හම්බෙලා කතාකරලා එයාලා ජීවිතය විදිනවා.. මේ අතරේ එදිනෙදා හමු නොවෙන මාස දෙකකට සැරයක්, අවුරුද්දකට සැරයක් හෝ ඊට වැඩි කාලයක් හමු නොවුනත් එකිනෙකාට ආදරය කරන කොටසකුත් ඉන්නවා.. අද මේ ලිපිය අන්න ඒ අය වෙනුවෙන් තමයි ලියවෙන්නෙ.

වර්තමානයෙ ගොඩක් තරුණ තරුණියන් දැඩි බියක් දක්වනවා Long Distance Relationship (LDRs) එකක් ගතකරන්න. මොකද “ඒක හොද නෑ, එහෙම කරද්දි දෙන්නා වෙන් වෙනවා, ඔයත් එක්ක යාළු වෙලා ඉද්දි තව එක්කෙනෙක් එක්ක ඉදිවී“ වගේ දේවල් සමාජයට කාවද්දලා තියෙන නිසා. නමුත් Long Distance Relationship (LDRs) ගත කරන, සාමාන්‍ය එදිනෙදා හමුවන ආදරවන්තයින්ට වඩා වැඩි බෑදීමක් ඇතිකරගෙන ඉන්න අය ඕන තරම් ඉන්නවා. මෙතන අපි Long Distance Relationship (LDRs) එකකට බියක් දක්වන්නෙ නිසි ලෙස Long Distance Relationship (LDRs) එකක් පවත්වාගෙන යාමට ඇති නොදැනුවත්කම නිසා කියලා කියන්න පුලුවන්.

Long Distance Relationship (LDRs) එකක වැදගත්ම කරුණ තමයි සන්නිවේදනය. ඒ කියන්නෙ කතාකරන එක. මෙතනදි අදහස් කරන්නෙ නෑ දවස තිස්සෙම Phone එකේ එල්ලීගෙන කතාකරන්න ඕන කියලා මෙතනදි අදහස් කරන්නෙ එකිනෙකා ගැන හොද අවබෝධයක් ලබා ගැනීම සදහා සන්නිවේදනය කරන්න ඕන කියලා..

ශක්තිමත් සන්නිවේදනයක් ගොඩනගා ගැනීම

හැම ආදර සබඳතාවකම backbone එක එහෙමත් නැත්නම් කොඳු නාරටිය වෙන්නෙ සන්නිවේදය කියන දේ. අපි එදිනෙදා හමුවෙනවනම් එකිනෙකා හැසිරෙන විදිහෙන් කතාකරන විදිහෙන් අපි එකිනෙකාව තේරුම් ගන්නවා. නමුත් Long Distance Relationship (LDRs) එකක එහෙම කරන්න ටිකක් අමාරුයි.. එදිනෙදා හමු වෙන්නෙ නැති නිසා සහ ජීවිතය ගත කරන ආකාරය දකින්නෙ නැති නිසා සන්නිවේදනය කියන දේ ඉතාම වැදගත්.

සන්නිවේදනය ගොඩනැගීම කියන්නෙ දවසට පැයක් හෝ පැය දෙකක් ආදරය කරන කෙනා වෙනුවෙන් වෙන් කර කතාකිරීමයි. සාමාන්‍ය කෝල් එකක් හරි වීඩියෝ කෝල් එකක් හරි අරගෙන කතාකරන එක ඉතාම වැදගත්. හැබැයි සමහර වෙලාවට මෙහෙම කතාකරන්න අපහසු වෙන්න පුළුවන්, ඒ කියන්නෙ, එයා වෙනත් රටක ඉන්නවනම් කාල පරාසයන් වෙනස් වෙන්න පුළුවන්, ඔයා නිදාගන්න වෙලාවට එයා නැගිටලා ඉන්න පුළුවන්, ඒ නිසා දෙදෙනාම කතාකරලා දෙදෙනාට පහසු වෙලාවක් වෙන් කරගන්න එක සුදුසුයි. ඒ කාලය දෙදෙනා වෙනුවෙන් වෙන් කරන එකෙන් හොද සන්නිවේදනයක් නැතිනම් හොද බැදීමක් ඇතිකරගන්න පුළුවන් වෙනවා.

එකිනෙකාගෙ අපේක්ෂාවන් වල ඇති පැහැදිලිබාවය

Long Distance Relationship (LDRs) එකක් ගත කරද්දි අදහස් නොගැලපීම් සහ වැරදි වටහාගැනීම් ඇත් වෙන්න පුළුවන්. එකිනෙකා නොදකින නිසා වගේම ඔවුන්ගේ හැසිරීම් රටාව ගැන අවබෝධයක් නොමැතිකම නිසා ඇතිවෙන වැරදි වටහාගැනීම් හොදින් නිරාකරණය කර ගැනීම ඉතාමත් වැදගත්. ඒ වගේම දෙනෙනාගේම බලාපොරොත්තු පිළිබඳ අවබෝධයක් තිබීමත් ඉතාම වැදගත්. ඒ තුළින් දෙදෙනා තුල අනෝන්‍ය අවබෝධයක් ඇති කරගත හැකියි.

විශ්වාසය සහ විදිවිදභාවය

සෑම ආදර සබඳතාවකම වැදගත් දෙයක් තමයි මේ විශ්වාසය කියන්නෙ. විශවාසය නැති වුණාට පස්සෙ ඒ ආදර සබඳතාවයට පැවැත්මක් නෑ කියලා කියන්න පුළුවන්. මොකද සැකය සහ අවිස්වාසය සබඳතාවය ඇතුළෙ ගොඩනැගෙන්න පටන් ගත්තට පස්සෙ නිතර නිතර රණ්ඩු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දෙදෙනා අතර ඇති බැඳිම අඩු වෙන්න හෝ දෙදෙනා අතර වෛරයක් හට ගන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා විශවාසය කියන ද් ඉතාම වැදගත්.

සාමාන්‍ය ආදර සබඳතාවය මේ විශ්වාසය එකිනෙකා හමුවීම සහ නිතර කතාබහ කිරීම තුළින් ගොඩ නැගෙනවා. නමුත් Long Distance Relationship (LDRs) එකක විශ්වාසය ගොඩනගන්න ඉතාම අමාරුයි වගේම විශ්වාසය පළුදු වුනොත් නැවත ගොඩගනගන්නත් අමාරුයි. ඒ නිසා දෙදෙනාම විශ්වාසය ගොඩනගාගැනීමට කටයුතු කරන්න ඕන. කොහෙහරි යනවානම් කියලා යන වගේ පොඩි පොඩි දේවල් වුණත් විශ්වාසය ගොඩගන්න උදව් කරගන්න පුලුවන්. ඒ වගේම එදිනෙදා හමු නොවන නිසා සැකය ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා සෑම දෙයක්ම විවෘතව පැවසීම ඉතාම වැදගත් සහ එකිනෙකාට දක්වන ගරුත්වයද ඉතාමත්ම වැදගත්

Emotionally සම්බන්ධ වීම

Long Distance Relationship (LDRs) එකකදි මෙම Emotional ඒ කියන්නෙ චිත්තවේගී පසුබිම ඉතාම වැදගත්. වචනය ටිකක් ගැඹුරු වුණත් අපිට 'හැගීම්' කියලා සරලව අදහස් කරන්න පුළුවන්. මෙහිදී Emotionally සම්බන්ධ වීම කියලා කියන්නෙ දෙදෙනා හැගීම් අතින් එකිනෙකා හා සම්බන්ධව වීමයි. උදාහරණයක් විදිහට ගත්තොත් දෙදෙනා තැන් දෙකක හිටියත් එකම වෙලාවට එකම චිත්‍රපටියක් දෙදෙනාම නැරඹීම, එකම ආහාර පිළියෙල කරගෙන කෑම වැනි අවස්ථා පෙන්වා දෙන්න පුළුවන්.

මෙහිදී වැදගත් වෙන්නෙ දෙෙනික තොරතුරු, විශේෂ අවස්ථා වගේ දේවල් දෙදෙනා අතරෙ බෙදාගැනීම. ඒ තුළින් දෙදෙනා අතර ඇති සබඳතාවය ශක්තිමත් කරගන්න පුළුවන්.

ගැටුම් සහ වැරදි වැටහීම් හැසිරවීම

ඕනෑම ආදර සම්බන්දයක රණ්ඩු කියන දේ ඇති වෙනවා. සමහර වෙලාවට රණ්ඩු තුළින් එකිනෙකාගේ හිත් වල සැගවිලා තියෙන දේවල් එළියට ගන්නත් සමත් වෙනවා. කොහොම වුනත් මේ Long Distance Relationship (LDRs) තුල ඇතිවන ගැටුම් සහ වැරදි වැටහීම් පාලනය කරන්න ටිකක් අමාරුයි.. උදාහරණයක් විදිහට ඔයා ඉන්න තැනකට signal නැති වුනත් එයා හිතන්නෙ ඔයා එයත් එක්ක කතානොකර ඉන්නවා කියලා වෙන්න පුළුවන්. ඒ නිසා මේ වැරදි වැටහීම් ඇතිවෙන එක වලක්වාගන්න කටයුතු කරන්න ඕන.

ඒ වගේම හැම වෙලාවෙම නොදකින නිසා හිත්වල තියෙන දේවල් දැනගන්න බැරි නිසා විවිධ මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා යම් කිසි දෙයක් ගැන කතාබහ කරද්දි දෙදෙනාගේ අදහස් වලට ගරු කරමින් කතාකරන්න. එකිනෙකාට චෝදනා කරමින් ඔවුන් වැරදියි කියලා ඔප්පු කරන්න යන්නෙ නැතුව දෙදෙනා සාකච්චා කර වැරදි වැටහීම්වලින් නිදහස් විය යුතුයි.

හමුවීම්

සාමාන්‍ය සබඳතාවයක වගේ Long Distance Relationship (LDRs) එකකදී දෙදෙනා මුණ ගැසෙන ප්‍රමාණය ඉතාම අඩුයි. ඒ නිසා හැකි උපරිම ආකාරයෙන් ලැබෙන අවස්ථාවන් ප්‍රයෝජනයට ගෙන දෙදෙනා හමුවීම ඉතාම වැදගත්. ඒ විදිහට මුණ ගැහුනාම සාමාන්‍ය විදිහට කාලය ගත කරන්නෙ නැතුව අලුත් මතක එකතු කරගන්න විදිහ දේවල් කරන්න උදාහරණයක් විදිහට ඇවිදින්න යන්න, විනෝද වෙන්න වගේ දෙවල් කරන්න.

හැමතිස්සෙම මතක තියාගන්න ඔයා නම් දුරක ඉන්නෙ ඔයා නැවත එනකන් එයා බලන් ඉන්නවා කියන එක. ඒ වගේම නැවත යාමට සිදු වෙද්දි "ආයෙ එන්නම්, ඉක්මනට එන්නම්" වගේ වචන තුලින් සබඳතාවය ගොඩනගාගන්න පුළුවන්.

අනාගත සැලසුම්

ආදර සබඳතාවයකදී එකිනෙකාගේ බලාපොරොත්තු හා ආශාවන් පිළිබඳව දැනුවත් භාවයකින් සිටීම ඉතාමත්ම වැදගත්. මොකද අනාගතය සැලසුම් කිරීමේදී බලාපොරොත්තු ඊට මූලික වෙනවා. ජීවිත කාලයම ඇයත්/ඔහුත් සමඟ කාලය ගත කිරීමට ලබාපොරොත්තු වෙනවා නම් එකිනෙකාගේ බලාපොරොත්තු හා ආශාවන් දැනගෙන සිටීම තුළින් සාර්ථක, ගැටුම් වලින් තොර සාර්ථක සබඳතාවයක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා එකිනෙකාගේ බලාපොරොත්තු හා අශාවන් ගැන දැනගන්න එයත් එක්ක ඒ දේවල් කතාකරන්න.

අවසාන වශයෙන් Long Distance Relationship (LDRs) එකකදී වැදගත් වන මූලික කාරණාවන් වන සන්නිවේදනය, විශ්වාසය ඉතාමත්ම වැදගත්. ඒ වගේම සමාජයේ පුද්ගලයින් Long Distance Relationship (LDRs) කෙරෙහි දක්වන ආකල්පය බාධාවක් කරගන්න එපා. ඔයා කාච්චර දුරක හිටියත් ඔයා ඇත්තටම හදවතින් එයාට ආදරේ කරනවානම් දුර කියන්න බාධාවක් නම් නෙමේ. එයා දුරින් ඉන්නෙ ඔයාලගේ අනාගතය වෙනුවෙන් වෙන්න පුළුවන්. ඒ නිසා දෙදෙනා සෑම විටම ආදරෙන් ඉන්නත් එකිනෙකා අතර විශ්වාසය පළුදු වන ආකාරයේ වැඩ නොකරන්නත් වග බලා ගන්න.

"දුරින් හිටියත් ළඟින් හිටියත් ආදරේ වෙනසක් නෑ..."

ඒ නිසා මේ කියලා තියෙන කරුණු ගැනත් අවධානය යොමු කරලා ඔයාලගෙ ආදරය ශක්තිමත් කරගන්න.

මේ වගේ දේවල් තවත් කියවන්න කැමති නම් අපේ වෙබ් පිටුව හා සම්බන්ධ වෙන්න ඒ සඳහා ඔබගේ Email ලිපිනය ඇතුළත් කර Sign Up වෙන්න. මෙම ලිපි Email එකක් විදිහට ඔයා ලගටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගෙ අදහස් පහළින් Comment කරලා යන්නත් අමතක කරන්න එපා.