ඇයි මගේ Girlfriend පොඩි දේටත් ලොකුවට තරහා ගන්නෙ.?

· 1 min read
ඇයි මගේ Girlfriend පොඩි දේටත් ලොකුවට තරහා ගන්නෙ.?
Photo by engin akyurt / Unsplash

හැමතිස්සෙම girlfriend ඔයාට බනිනවා නැත්නම් තරහා ගන්නවා කියලා දැනෙනවද?, ඔයා වචනයක් කිව්වත්, කිව්වෙ මොන වගේ දෙයක් වුනත් ඒකට එයාට තරහා යනවද?, ඔයාට හිතාගන්න බැරිද ඇයි ඔයාගෙ Girlfriend එහෙම කරන්නෙ කියලා.. එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න..

මුලින්ම අපි හේතු ටිකක් පෙලගස්සගමු. මොකද මේ හේතු මත ඔයාට පැහැදිලි වේවි ඇයි ඔයාගෙ girlfriend ඔයත් එක්ක තරහින් ඉන්නෙ කියලා..

එයා මොකක්හරි ප්‍රශ්නයක ඉන්නෙ

ඔයාගෙ girlfriendගෙ තරහා යාමට මේක ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්. එයා වැඩට යන කෙනෙක්නම් ඔෆිස් එකේ මොකක්හරි ප්‍රශ්නයක්, නැත්නම් ගෙදර මොකක්හරි ප්‍රශ්නයක් එහෙමත් නැත්නම් යාලුවෙක්ගෙ ප්‍රශ්නයක් හරි මොන වගේ හෝ දේකට එයා උත්තර හොයනවා වෙන්න පුළුවන්. ඔයාට හිතෙන්න පුළුවන් "ඉතින් එයා ප්‍රශ්නෙක නම් ඉන්නෙ මට කිව්වනම් හරිනේ මගෙත් එක්ක තරහා ගන්නෙ මොකටද" කියලා. මෙහෙමයි ගෑනු ළමයි එයාලගෙ සතුට, දුක, තරහා හැම දෙයක්ම පිට කරන්නෙ එයාට දැනෙන තැනක. ඒ කියන්නෙ ඔයා ඉන්න තැන. ඒ නිසා පුළුවන් නම් ඔයාගෙ Girlfriend ගෙන් අහන්න මොකක්හරි ප්‍රශ්නෙකද ඔයා ඉන්නෙ කියලා.. ඇත්තටම එයා ප්‍රශ්නෙක නම් ඉන්නෙ ඔයාට කියාවි ඒ මොකක්ද කියලා.

ඔයාගෙ හොර වැඩක් මාට්ටු වෙලා වෙන්නත් පුළුවන්

මේක ඉතින් කොල්ලො කොහොමත් කරන දෙයක්නෙ. කෙල්ල බනී කියලා එයාට නොකියා ගමන් යන එන ඒවා වගේ දේවල්.. මෙතනදි අදහස් කරන්නෙ නෑ එයාට ද්‍රෝහි වෙන වගේ දෙයක්. එහෙම දෙයක් නම් කරන්න එපා. මොකද ඔයා එයාට ඇත්තටම ආදරෙයි නම් එයා වෙනුවෙන් විතරක් ඉන්න.. හරි කතාවට එමු. එයාට නොකිය ඔයා කරපු මොකක්හරි දෙයක එයාට අහු වෙලා ඒක ඔයා කියනකන් එයා තරහින් ඉන්නවා වෙන්නත් පුළුවන්. මේක ඉතින් ටිකක් භයානකයි. එයාගෙන් අහන්නත් බෑ. මොකද කියලා.. ඔයා මෙහෙම දෙයක් කරා කියලා කියන්නත් බෑ.. ඒ නිසා එයාගෙ හැසිරීමෙන් ඔයා තේරුම්ගන්න ඕන ඔයා කරපු වැරැද්දක් අහු වෙලාද නැද්ද කියන එක. ඒකට ඉතින් ටිකක් කට්ට වෙන්න වෙනවා කොල්ලනේ..

ඔයාගෙන් හම්බෙන ආදරේ අඩු වෙලානම්

මේක නම් ටිකක් වැදගත්, ගෑණු ළමයි කොයි වෙලෙත් ආදරේ හොයනවා.. එයාලට හුරතල් වෙන්න ඔයාගෙන් ආදරේ ඉල්ලනවා.. ඒත් ඔයාට හරියට එයත් එක්ක කතාකරන්න බැරි වුණා නම් අන්න එයා ඔයා වෙනස් වෙලා කියලා හිතන්න පුලුවන්. ඔයාට හිතෙන්න පුලුවන් මට තියෙන වැඩ ටික බැලන්ස් කරලා කොහොමහරි මං කතාකරනවනේ කියලා. මෙහෙමයි ඉතින් කොල්ලනේ.. ඕක කෙල්ලට අදාළ නෑ. එයාට ඕනි ඔයාව ඒ නිසා ඔයා මොකක්හරි ලොකු වැඩකට හිර වෙලානම් එයාට කියන්න.. මේ වැඩ ටික ඉවර වුණාම කතාකරන්නම් කියලා කියන්න.. එයා බලාගෙන ඉදීවි ඔයා එනකන්.. ඒ නිසා එයාට දෙන ආදරේ ටිකක් වැඩි කරලා බලන්න.. ආදරෙන් කතාකරන්න එයාට.. හේතුව මේකනම් ටිකක් ආදරෙන් කතාකරලා එයාව ශේප් කරගන්න ඔයාට පුළුවන් වේවි..

එයාගෙ ඔසප් කාලය ඇවිල්ලා වෙන්න පුළුවන්

සමහර ගෑණු ළමයි ටිකක් open mind නැහැ.. ඉතින් මේ දේවල් එයා boyfriendට කියනවා ටිකක් හොරයි. ගෑනු ළමයි ඔසප් කාලය ලං වුණාම එයාලා ඔයාට හිතාගන්නවත් බැරි තරම් වේදනාවක ඉන්නෙ. ඉතින් මේ කාලෙදි ඔයා එයාට මොනවා කිව්වත් අර වේදනාව ඔයාගෙන් පිට කරගන්න ඔයාට බනින්න පුළුවන්. මේ වෙලාවට ඉතින් එයා එක්කම ඉන්න බලන්න.. ඔයා දුර හිටියත් ටිකක් එයා ගැන හොයලා බලන්න.. එයා කිව්වෙ නැති වුනාට ඔයා මාසෙ ඒ දවස් ටික මතක තියාගන්න.. එතකොට ඔයා දන්නවා මේ කාලෙ ඇවිල්ලා ඒක තමයි එයා ටිකක් වෙනස් වෙලා ඉන්නෙ කියලා..

ඔයාව අවුස්සනවා වෙන්න‍ත් පුළුවන්

මේක ඉතින් හැම ගෑනු ලමයටම අදාළ නෑ.. මේක ඉතින් ටිකක් දඟකාර ගෑණු ළමයින්ට තමයි අදාල වෙන්නෙ.. එයා ඔයාව අවුස්සන්න ටිකක් තරහින් කතාකරනවා වෙන්න පුළුවන්... මෙතනදි ඉතින් ඇවිස්සෙන් නැතුව ඉවසීම ප්‍රගුණ කරන එක තමා කොල්ලනේ කරන්න පුළුවන් එකම දේ. කොහොමත් ඉතින් කෙල්ලෙක් එක්ක ඉන්න ටිකක් ඉවසීම තියෙන්නත් ඕන නේ.. නැත්නම් බෑ නේ. 😂

වැදගත්ම එක, අද දවස කවද්ද?

මේක ඉතින් බහුතරයක් කොල්ලන්ට පොදු දෙයක්. දවස අමතකයි. ගෑණු ලමයි හේතුවක් නැතුව තරහා ගන්න මේක ප්‍රධාන හේතුවක්. විශේෂයෙන් ඉතින් Anniversary එක තමා අමතක වෙන්නෙ.. එයාගෙ Birthday එක අමතක වුනානම් ඉතින් පුතේ ඇත්තටම උඹට සොරි.com. ඉතින් මේ විශේෂ දවස් ඔයිට අමතක වෙලා වගේ එයාට තේරුනොත් එදා දවස ඉතින් nonstop බැනුම් තමා.. ඒ නිසා ඔය විශේෂ දවස් ටික මතක තියාගන්න. සමහර ගෑනු ළමයි ඉතින් ගෙදර ඉන්න බලු පැටියගෙ Birthday එකටත් ඔයාගෙන් wish එකක් බලිපොරොත්තු වෙනවා.. ඒ නිසා විශේෂ දවස් ටික හරියට මතක තියාගන්න.

එයා අකමැති කෙනෙක් එක්ක ඔයා කතාකරාද?

විශේෂයෙන් මේක නම් අදාළ වෙන්නෙ ඔයාටයි එයාටයි දෙන්නටම ඉන්නෙ එකම යාළුවො නම් විතරයි. ඔයාගෙ ගෑණු ළමයා අකමැතිම කෙනෙක්, පොදුවේ ගත්තොත් ඉතින් තවත් කෙල්ලෙක් තමා. ඉතින් එයා අකමැති කෙනෙක් එක්ක ඔයා කතාකරනවා එයා දැක්කොත් ඉතින් පන්න පන්න පලි ගන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වුනොත් ඇඟට ගුණයි.

මෙ‍තනදි කතාකරේ සති ගණන් මාස ගණන් ගෑණු ළමයා ඔයත් එක්ක තරහින් ඉන්නවා නම් කියන අදහසින් නම් නෙමේ.. උපරිම දවසක් දෙකක්, සතියක් වගේ ගෑණු ලමයා එහෙම ඉන්නවානම් මේ දේවල් හේතු වෙනවා..

වැදගත්ම කාරණාව

ඉතින් මෙතන වැදගත්ම කාරණය තමා එයත් එක්ක කතාකරන එක. මොකද ගෑනු ළමයි හිතනවා එයා ඔයාට එකින් එක කිව්වෙ නැතත් ඔයා එයාව තේරුම් අරගනී කියලා.. එහෙම කරන එක ඇත්තටම ප්‍රැක්ටිකල් නැහැ. මොකද ඉතින් කොල්ලො කියලා හිත් කියවන්න පුළුවන් අය නෙමේනේ.. අන්න ඒ නිසා වැදගත්ම දේ තමයි කතාකරන එක. ඔයාට කොච්චර වැඩ තිබ්බත් පුළුවන් නම් දවසට පැයක් දෙකක් හරි එයා වෙනුවෙන් වෙන් කරන්න. එයා කියන දේ අහගෙන ඉන්න. එයාගෙන් දේවල් අහන්න.. දවසේ විස්තර (අද දවසෙ මොනවද කලේ.? මොකද වුණේ.? ) වගේ දේවල් අහන්න. ඔය වගේ පොඩි පොඩි දේවල් වලින් එයා ගැන තේරුම් ගන්න ඔයාටත් පුළුවන්.

නිතර අහන ප්‍රශ්න (FAQs)

මේ එකක්වත් හරි ගියෙ නැත්නම් මොකද කරන්නෙ.?

මීට වඩා වෙනස් වුණ හේතු තියෙන්නත් පුලුවන් හැබැයි ගෑනු ළමයා මොකක්හරි මානසික ප්‍රශ්නයක ඉන්නවා වෙන්නත් පුලුවන් නිසා මේ ගැන ව්ශේෂඥවරයෙකුගෙන් ව්මසා දැනගත්තා නම් හොඳ පිළිතුරක් ලබාගත හැකියි.

එයා පොඩි දේකටනම් තරහා වෙලා ඉන්නෙ?

පොඩි දෙයක් වුණත් එයත් එක්ක කතාකරලා බලන්න. සමහර පොඩ් පොඩ් දේවල් ලොකු දේවල් වෙන්නත් පුළුවන්.

එයා තරහින් ඉන්න හේතුව හිතාගන්න බැරිනම් මොකද කරන්නෙ.?

එයාගෙන් අහන්න. එකපාරටම අහන්න එපා හිමීන් සීරුවෙ එයිගෙන් අහන්න ඇයි එයා තරහින් ඉන්නෙ කියලා.

මේ වගේ දේවල් වළක්වන්නෙ කොහොමද.?

එයත් එක්ක කතාකරන එකෙන් තමා. ආදරය කරද්දී වැදගත් වෙන ප්‍රධානම දේ තමයි දෙන්නා කතාකරන එක. ඒ නිසා කගඑයත් එක්ක කතාකරන්න.

ඉතින් මේ වගේ දේවල් තවත් දැනගන්න, කියවන්න, අපිව Subscribe කරලා තියාගන්න. ඔයාගෙ email එකටම මේ ලිපි ගෙන්නගන්න කැමති නම් දැන්ම Sign Up වෙන්න. මතක ඇතුව ඔයාලගෙ අදහස් පහළන් කියලා යන්න.. 🥺